Loading..

විද්‍යාපිඨ සිසු ණයට පොල්ලක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සිසුන්ට මෙවර සිට රුපියල් පහළොස් දහසක මුදලක් පොලි රහිත ණයක් වශයෙන් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කළ යෝජනාවට මෙතෙක් කැබිනට් අනුමැතිය ලැබී නැත.

මේ නිසා මෙවර පීඨවලට ඇතුළත් වන සිසුන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් වශයෙන් නවක සිසුන් හත්දහසක් ඊයේ සිට පීඨවලට ඇතුළත් කර ගැනීම ආරම්භ කෙරුණු නමුත් ඔවුන්ට ආහාරපාන වෙනුවෙන් මාසිකව ලබා දෙන රුපියල් පන්දහසක දීමනාව වැඩි කිරීමට හෝ අමාත්‍යාංශය මෙතෙක් ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත.

අමාත්‍යාංශය රුපියල් පහළොස් දහසක ණය මුදලක් සිසුන්ට ලබා දීමට යෝජනා කළේ එම තත්ත්වය මතය. අමාත්‍යාංශය යෝජනා කර තිබුණේ ගුරු පුහුණුව අවසන් වීමෙන් පසු ගෙවීමේ පදනම මත ණය මුදල ලබා ගැනීමටය.



from TODAY NEWS LK https://ift.tt/uBSJif5
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.