ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට රැස් වූ සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හමුවේ මෙම තීරණය ගත් බව උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසනවා.
විශ්වවිද්‍යාල සිසුන් 10කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට මෙලෙස බලපෑම් එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන්නේ මෙලෙස පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවය.
from TODAY NEWS LK https://ift.tt/SDJI8wE
via IFTTT


