Loading..

අයවැය අවසන් වනතුරු ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවෙන් පිටවීම තහනම් කරයි

අයවැය කාරක සභා අවස්ථාවේ විවාද අවසන් වනතුරු ආණ්ඩු පක්ෂයේ කිසිදු මැති ඇමතිවරයෙකුට පාර්ලිමේන්තු කාලය අවසන්වනතුරු පාර්ලිමේන්තුවෙන් වෙනත් කටයුතු සඳහා පිටවීම තහනම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ ගැන දැඩි අවධානයෙන් පසුවන බවද වාර්තාවේ.

යම් ලෙසකින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවක් සොයාගෙන වැය ශීර්ෂයන් පරාජය කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාන බලමින් සිටින නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද දන ගන්නට ඇත.

අයවැය අවසන් වන තුරු මේ පිලිබඳ අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම් දී ඇති බවද වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/I8bwOsh
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.