ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධිවේගී මාර්ග සේවකයින් ලෙඩ නිවාඩු දමා අද(22) ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ මුදල් අයකර ගැනීමේ රාජකාරිවලින් ඉවත්ව තිබෙනවා.
අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ යුද හමුදාව යොදවා මේ වනවිට එම කටයුතු පවත්වාගෙන යන බවයි.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවන වාරිකය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති අවස්ථාවක, කඩා කප්පල්කාරි ලෙස පොදු ප්‍රවාහනයේදී ජනතාව පීඩාවට පත් කරමින් කටයුතු කිරීමට කිසිදු පුද්ගලයෙකුට ඉඩක් නොතබන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(21) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
from TODAY NEWS LK https://ift.tt/sDGN5Tq
via IFTTT


