Loading..

පොලිසියෙන් අලුත් දඩයක් හඳුන්වා දෙයි! රථවාහන වැරදිවලට පෙට්‍රල් ඉල්ලයි!

වෑන් රථයක් පැදවීමේදී මාර්ග නීති කඩ කළ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීම වෙනුවෙන් පොලිස් නිලධාරියෙකු පෙට්රල් ලීටරයක් ඉල්ලා සිටි පුවතක් මාවතගම ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා මෙකී සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණි.

තමන් පදවාගෙන ආ රථයෙන් පෙට්‍රල් ලීටරයක් ගෙන එම නිලධාරියාට දුන් පසු ඔහු එම පෙට්රල් මාර්ගබාධකය අසල නතර කර තිබූ යතුරුපැදියකට දමා ගන්නා අයුරු ද දුටු බවත් ඔහුගේ එම ක්‍රියාව මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි සෙසු නිලධාරීන් ද දුටු බවත් එම තොරතුරුවල සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත පරීක්ෂණයක් සිදු ක මාවතගම පොලිසිය විසින් උපපොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඉඟුරුවත්ත සහ වෙලගෙදර පොලිස් ස්ථානවලට අනුයුක්තය සේවය කරන පොලිස් නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/lR5y0Ov
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.