වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් තිබේ.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවය.
එමඟින් ගොංෂු පළාතේ සහ කිංග්හායි පළාතේ ගොඩනැගිලි විනාශ වී තිබේ.
භූ කම්පනයෙන් පුද්ගලයින් 222 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වේ.
මියගිය පුද්ගලයන් සංඛ්‍යාව හා තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

from TODAY NEWS LK https://ift.tt/2VKQ91O
via IFTTT

