Loading..

යුක්තියේ මෙහෙයුමේ නිරත පොලිස් නිළධාරීන් වළකන්න බල්ලන් ලිහා දැමූ නිවැසියන්

මත්ද්‍රව්‍ය ජාලය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් අමල් ඉන්දික නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුකර ගැනීමට මිරිහාන පොලීසිය ඊයේ(29) කටයුතු කර තිබේ.

එහි දී සැකකරු යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මාර්ගය හරස්කොට කළ පරීක්ෂාවක දී හෙරොයින් මිලිග්‍රෑම් 6,390ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

පසුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සැකකරුගේ නිවස පරීක්ෂාවට මාදිවෙල ප්‍රදේශයේ ඔහුගේ නිවස පිහිටි ස්ථානයට පැමිණ ඇති බව සඳහන්ය.

එහි දී නිවැසියන්, සුනඛයන් යොදා පොලීසියට ඇතුළු වීම වළකාලීමට කටයුතු කර ඇති අතර, පසු ව පොලීසිය නිවසට ඇතුළු වී තිබේ.

එහි දී නිවැසියන්ගේ විරෝධය මධ්‍යයේ සිදු කළ සෝදිසි කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 15ක් නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම නිවසේ අයිතිය පිළිබඳ තහවුරු කිරීමට අසමත් වුවහොත් එය රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කරයි.



from TODAY NEWS LK https://ift.tt/oMf9I32
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.