Loading..

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් වූ ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රික්ටර් පරිමාණයේ 4.8 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර දහසක් පමණ දුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා ප්‍රකාශකර සිටියේ.

කෙසේ වෙතත් පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ ගැඹුරැති මුහුදේ සිදුවූ මෙම භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නොමැති බවයි ඔහු සඳහන්කර සිටියේ.

මෙම භූ කම්පනය මෙරට පිහිටි භූ කම්පන මාන හතරෙහි සටහන් වී තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/x9OebXV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.