Loading..

ඔබේ දරුවා ගැනත් අවධානයෙන් පසුවන්න!පාසල් වෑන් රථයේදී රියදුරා දැරියකට අතවර කරලා!

පාසල් වෑන් රථයක් තුළදී ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ සිසුවියක් අතවරයට ලක් කළ පාසල් වැන් රථයේ රියැදුරු සොයා පනාමුරේ පොලීසිය විසින් විමර්ශණ අරඹා තිබේ.

සිය පුංචිඅම්මාගේ රැකවරණය යටතේ හැදී වැඩෙන දැරියක් මෙලෙස ලිංගික අතවරයට ලක්ව තිබෙනවා.

පසුගිය දිනෙක අදාළ දැරිය පාසල් නොපැමිණ පාසල් ඇඳුමින් ඇඹිලිපිටිය නගරයේ සිටි බව ඇයගේ මිතුරියක් දැක ඇති අතර ඒ බව පාසලට දැනුවත් කර තිබෙනවා.

මේ පිළිබඳ පාසලෙන් ඇයගේ නිවැසියන්ට දැන්වීමෙන් අනතුරුව නිවැසියන් ඇඹිලිපිටිය පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය දැරිය පාසල් ගිය වෑන් රථයේ රියදුරු කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය.

ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ දැරිය පොත් මිලදී ගැනීමට යන බව පවසමින් ඇඹිලිපිටිය නගරයේදී වෑන් රථයෙන් බැස ගිය බවයි.

රියදුරුගේ ප්‍රකාශය පිළිබඳව සැක සිතූ දැරියගේ ඥාතීන් දැරිය සොයා ගන්නා තුරු රියදුරුට මුදා නොහරින ලෙස ඉල්ලා සිටියද පොලිසිය ඔහු මුදා හැර තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වූ දින දහවල් නිවසට පැමිණි දැරිය පවසා ඇත්තේ ඇඹිලිපිටියෙන් පොත් කිහිපයක් මිලට ගත් තනාව රියදුරු වෑන් රථයේ නංවාගෙන චන්ද්‍රිකා වැව අසළ කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් අතවර කළ බවයි.

මේ අතර පොලිසියෙන් ඇමතුමක් ලැබීමෙන් පසු ඔහු තමාව එහි දමා ගිය බවයි දැරිය පවසා ඇත්තේ.

දැරිය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර අදාළ වෑන් රථය පොලිස් භාරයට ගත්තද එහි රියදුරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.



from TODAY NEWS LK https://ift.tt/Vc9XW6x
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.