ලබන වසරේ විශ්ව විද්‍යාලවලට පැමිණීමට නියමිත සිසුන් මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ ලබන වසර සඳහා මෙරට විශ්ව විද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි.
එම සිසුන් විශ්ව විද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු බවද අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නා.
සුරේන් රාඝවන් මෙහිදී පවසා සිටියේ විශ්වවිද්‍යාල වල ප්‍රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම, විශ්ව විද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

from TODAY NEWS LK https://ift.tt/98ugOel
via IFTTT

