Loading..

තේරීම් කමිටුව ටෙස්ට්, එක්දින හා T20 කණ්ඩායම් සඳහා නව නායකයින් තිදෙනෙක් තෝරාගනී

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබේ.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාට සහ එහි උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

එක්දින කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් හා උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමත බවයි වාර්තා වන්නේ.

විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති අතර 20යි 20 කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට හිමිවීමට නියමිතය.

එහිදී ජනවාරි මස ආරම්භවන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට හා කණ්ඩායම් නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතය.



from TODAY NEWS LK https://ift.tt/Syzw1QK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.