Loading..

හිටපු යුද හමුදා සෙබළෙකුට මරණ දඬුවම නියම වෙයි

2009 ඔක්තෝම්බර් 02 වැනිදා මන්නාරම,පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළදී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තවත් යුද හමුදා සාමාජිකයෙකුට ඊයේ (06) මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළේය.

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහාල් මහතා විසින් එම තීන්දුව ලබාදුන්නේය.

මරණය දණ්ඩනය නියම වු හිටපු යුද හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව,තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මන්නාරම, මුරුන්කන් පොලීසිය හරහා ගොනුකොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් වසර 14 වසරකට පසුව සැකකරු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කර තිබේ.

වයස අවුරුදු 55 ක් වන දැනට යුද හමුදා සේවයෙන් ඉවත්කොට සිටින පුද්ගලයෙකු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කෙරුණි.



from TODAY NEWS LK https://ift.tt/41oyU60
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.