Loading..

හමුදා සලාකය රු. 1500 දක්වා ඉහළ දමයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දෛනික සලාක දීමනාව රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධ නිවේදනය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත යවා තිබේ.

මේ අනුව හමුදා නිලධාරියකුගේ දිනක සලාක දීමනාව 1950 ක් වන අතර සෙසු නිලයන් සඳහා 1500ක් වේ. නාවික හමුදා නිලධාරියකුගේ දීමනාව 2000ක් වන අතර ගුවන් හමුදා නිලධාරියකුගේ දීමනාව 1976ක් වේ. නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ සෙසු නිලයන් සඳහා දිනක සලාක දීමනාව 1550 ක් වේ.

මීට මාස කිහිපයකට පෙර මෙම දීමනාව දිනකට රුපියල් 640ක් ව පැවති අතර පසුව එය 960 දක්වා වැඩි කරන ලදී. එය දැන් 1500 දක්වා වැඩි කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.



from TODAY NEWS LK https://ift.tt/zTHVmWo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.