ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ඊයේ (16) මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.
මෙසේ මරණයට පත්වී ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හසිනි භාග්‍යා නමැති තරුණියකි.
ඉකුත් 05 වන දින උණ රෝගය වැළඳීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇයව ඇතුළත් කර තිබුණි.
ඉන් අනතුරුව ඇයව 11 වනදා දැඩිසත්කාර ඒකකයට යොමුකර තිබූ අතර ඇයට ඒ වනවිට සිහිය නොමැතිවී ඇති බව දෙමාපියන් පැවසීය.
එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමුකර තිබූ වෛද්‍යවරු, ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබුණි.
එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ඊයේ (16) අලුයම මිය ගොස් ඇත.
තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වාහනයවීම සමඟම ඇතිවූ සංකූලතා මත සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කර ඇත.
from TODAY NEWS LK https://ift.tt/aA1bGSR
via IFTTT


