Loading..

ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් ඒකකයක්

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඊට සමඟාමීව “Lanka Pay’ සහ ‘Central Bank Digital Currencies’ හඳුන්වාදීමේ අභ්‍යාසය දැනටමත් ආරම්භ කර ඇත.
මෙම පද්ධති දෙක මේ වසර අවසන් වන විට දියත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගෙවීම් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට මහ බැංකු නිලධාරීන් ද මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළ කමිටුව හමුවට කැඳවා තිබිණි.

ඒ අනුව එම කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගෙවීම් ක්‍රම නියාමනය කිරීම පිළිබඳව විමසා සිටි බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය (PMU) පැවසීය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ලේඛනාගාරයක් නොමැතිකම හේතුවෙන් මූල්‍ය ගනුදෙනුවලින් සියයට 45 ක් නියාමනයකින් තොරව සිදුවන බව එහිදී අනාවරණය විය.
ඉන්ධන අලෙවියේදී භාවිතා කරන QR කේත පද්ධතිය මූල්‍ය සේවා සඳහාද ව්‍යාප්ත කළ යුතු බවට රණවක මන්ත්‍රීවරයා යෝජනා කළේය.

එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව අන්තර්ජාලය හරහා ගෙවීම් ක්‍රම අනුගමනය කළ යුතු බවට ඔහු යෝජනා කළේය. ඒ සඳහා බ්ලොක්චේන් පද්ධති භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.



from TODAY NEWS LK https://ift.tt/ciZbnR9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.