බද්දේගම ගෝනාපීනුවල ඇලපලවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කවිදු සත්සර දැනට වසර එක හමාරකට පමණ පෙර රැකියාවක් සඳහා අබුඩාබි බලා පිටත්ව ගොස් ඇත.
එහිදී ආපන ශාලාවක සේවය කරන ඔහු දිනපතා පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට ඇමතුම් ලබා දෙමින් මෙරට සමඟ සබඳතාව පවත්වාගෙන ගොස් තිබේ
නමුත් පසුගිය 6 වෙනිදා සිට පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට මොහු ගැන කිසිදු තොරතුරක් නොලැබුණු අතර පසුව ඒ පිලිබඳව සේවා ස්ථානයෙන් විමසා බැලීමේදී ආයතනයෙන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.
පවුලේ ඥාතීන් පවසන්නේ කවිඳු කිසිදු රෝගයකින් සිටි නොමැති බවත් සේවා ස්ථානයේ හෝ ඔහුට එරෙහිව ගැටලුවක් නොතිබුණු බවයි.
රජයේ සහ වගකිවයුත්තන්ගේ විශේෂ අවධානය යොමුකර කවිඳු සත්සරට සිදු වූයේ කුමක් ද යන්න හැකි ඉක්මනින් සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන ලෙස පවුලේ ඥාතීන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
from TODAY NEWS LK https://ift.tt/Vt4PA10
via IFTTT


