ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොව මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව බව පිිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
“ජනාධිපතිවරණය කවදා පවත්වාවි දැයි එක් එක් අය දේශපාලන මත පල කරනවා. නමුත් ඒක දේශපාලන තීන්දුවක් නොවේ. නීතියේ තීන්දුවක්. ව්‍යවස්ථාවේ තීන්දුවක්. ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොවේ. ඒක කරන්නේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසමත් ඒක තීරණය කරන්න ඕනි ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව.
වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි මාසයකට නොඅඩු කාලය තුල අනිවාර්රයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 31(3) වගන්තියේ කියනවා. ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.
ඒ අනුව 2024 නොවැම්බර් 18ට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි දිනයක ජනාධිපතිවරණය පවත්වන්න ඕනි. මාසයකට නොඅඩු නම් ඔක්තෝම්බර් 18ට කලින් ඡන්දය තියන්න ඕනි. ඒ වගේම මාස දෙකකට නොවැඩි නම් සැප්තැම්බර් 18ට පස්සෙයි ඡන්දය තියන්න ඕනි. අන්න ඒ නිසා තමයි ඉතාම විශ්වාසයෙන් ඡන්දය පවත්වන දිනය 2024 සැප් 18 සහ ඔක් 18 දිනයන් අතර දී යෙදෙනවා කියා අපි කියන්නේ.”
from TODAY NEWS LK https://ift.tt/iIBzuro
via IFTTT


