උපයනවිට ගෙවීමේ බද්දෙන් (Paye Tax) ආවරණය වන වෘත්තිකයන් එම වෘත්තියට අදාළව ම නැවත ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
උපයනවිට ගෙවීමේ බද්දට ආවරණය වන වෘත්තිකයන් අතර මේ වනවිට හටගෙන ඇති විපිළිසරභාවය නිසා මෙම කරුණ අවධාරණය කළ යුතු යැයි ඇමතිවරයා කීය.
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (Tax Identification number) සම්බන්ධයෙන් ද මේ වනවිට සමාජයේ යම් සාකච්ඡාවක් හටගෙන ඇතැයි ද මෙම TIN අංකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කළේ යැයි ද ඇමතිවරයා කීය.
TIN අංකය ලබාගැනීමෙන් ආදායම් බද්ද ගෙවීමට ඇතුළත් වන්නේ යැයි අනිසි බියක් ඇතිකර ගත යුතු නොවේ යැයි ද ආදායම් බදු ගෙවීමට අදාළ අංකයක් ගැනීම වෙන ම කරුණක් යැයි හෙතෙම කීය.
පෙබරවාරි 1 වන දා සිට කිසියම් පුද්ගලයෙක් වාහනයක් මිල දී ගැනීම, වාහන බලපත් අලුත්වැඩියා කිරීම, ජංගම ගිණුමක් විවෘත කිරීම, නිවසක් හෝ ඉඩමක් මිල දී ගැනීම ආදී අවස්ථාවල මෙම TIN අංකය ඉදිරිපත් කළ යුතු බව ඇමතිවරයා පැවසීය.
from TODAY NEWS LK https://ift.tt/G1kayKS
via IFTTT


