සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවා.
ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට දීමට එක් දරුවකුට වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙලෙන බැවින් ප්‍රෝටීන් සහිත ආහාර වේලක් දීමට අප සැලසුම් කර තිබෙන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවා.
from TODAY NEWS LK https://ift.tt/Q4zr9Vp
via IFTTT


