ලබන ජූලි 31 වැනි දිනට පෙර විමධ්‍යගත අරමුදලෙන් සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු සිදුකොට අවසන් කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමකදී උපදෙස් ලබාදී ඇත.
පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 පැවැති මෙම රැස්වීමට සියලු ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ.
එහිදී අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ මේ වන විට විමධ්‍යගත අරමුදලෙන් වෙන්කොට ඇති අරමුදල් උපයෝගී කොටගෙන ජූලි 31 වැනි දිනට ප්‍රථම සියලු සංවර්ධන වැඩකටයුතු අවසන් කරන ලෙසත්, ඊට අදාළ කටයුතු සියල්ල සම්පූර්ණ කරන ලෙසත්ය.
ඒ අනුව රැස්වීමට සහභාගි වී සිටි බොහෝ දෙනා සඳහන් කොට ඇත්තේ එම උපදෙස් ලබාදීම හරහා නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන ලකුණු පහළ කොට ඇති බවකි.
මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, හරීන් ප්‍රනාන්දු සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත්කොට තිබේ.
from TODAY NEWS LK https://ift.tt/BXqDoWI
via IFTTT


