ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
දෙරණ නාලිකාවේ විකාශනය වූ වැඩසටහනකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
“මව්බිම ජනතා පක්ෂයේ අපෙක්ෂාව නුදුරු අනාගතයේ එන ජනාධිපතිවරණය පමණක්ම ඉලක්ක වන වැඩලිපිළිවෙළක් නෙමෙයි. මේ පක්ෂය ලාංකාවේ ඓතිහාසික අවශ්‍යතාවයක් සඳහා බිහි වුණු බලවේගයක්. මේ පක්ෂය ඉතාම දාර්ශනික විදිහට තාර්කික විදිහට වැඩපිළිවෙළක් එක්ක ඒ වගේම ඒකට සරිලන කණ්ඩායමක් එක්ක විශේෂයෙන්ම තරුණයෝ, වෘතිකයින්, ඒ වගේම විද්‍යාර්ථයින්, ගොඩක් එකතු වුණ සංවිධානයක්. අපිට තියෙන්නේ ඉතා විශාල දීර්ඝ කාලින දැක්මක්”
ඔබ මගෙන් අහනවානම් මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කියලා මම හිතවා ඒක පටු දේශපාලන දුෂ්ඨි කෝනයෙන් තාමත් ඉදගෙන අහන ප්‍රශ්නයක්. එය අවශ්‍ය තාවය වන්නේ එය නම් ඒ සඳහා අවංකවම මම සූදනම් බව මය කියන්න පුළුවන්. නමුත් දිලිත් ජයවීර ජනාධිපති පුද්ගලික සිහිනයකින් හදපු කෙටිකාලින වැඩක් නෙමෙයි මේ. අනිවාර්යෙන්ම අපි ජනාධිපතිවරණයක් නම් එන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ සඳහා ජග්‍රහණය කළ හැකි උපායමාර්ග අපි යොදනවා.”
දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 23වන අගහරුවාදා
from TODAY NEWS LK https://ift.tt/kXRaYWe
via IFTTT


