නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) සහ ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තුවේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.
සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්සහිත තත්ත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
from TODAY NEWS LK https://ift.tt/05wIL4E
via IFTTT


