Loading..

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම පිට වෙලා ?

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

පසුගිය 10 වැනිදා එම ප්‍රශ්න පත්‍රය පිට වූ බව තහවුරුවීමත් සමග එම ප්‍රශ්නපත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර ඇත්තේ මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ බවට ලැබුණු තොරතුරු අනුව ය.

මෙවර කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා අයදුම්කරුවෝ පහළොස් දහසක පමණ පිරිසක් පෙනී සිටියහ.

දෙපාර්තමේන්තු ඉතිහාසයේ විභාග ප්‍රශ්න පත්‍රයක් පිට වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මින් පෙර ප්‍රශ්න පමණක් පිටවීමේ සිද්ධීන් වාර්තා වී තිබේ. (aruna)



from TODAY NEWS LK https://ift.tt/d3JhtzA
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.