විද්‍යාපීඨ සියල්ලේම වගා කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනයන්ත මහතා පවසනවා.
ඒ අනුව විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවයි සුසිල් ප්‍රේමජනයන්ත අමාත්‍යවරයා සඳහන් කරනවා.
අධික සීතල දේශගුණයක් පවතින රටවල හිම පතනය නොවන මාස හයක කාලය තුළ තට්ටු නිවාස සංකීර්ණවල කොරිඩෝවල පවා බඳුන්ගත වගාවෙහි නිරත වෙමින් ජනතාව නිෂ්පාදන ආර්ථික වර්ධනයට උර දෙන බව පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර යටතේ මෙරට මූලික අවශ්‍යතා ඉටු කරගන්නා පසුබිමක මෙරට රාජ්‍ය හා වෙනත් ආයතන ඇතුළු සමස්ත ජනතාව ම දේශගුණ විපර්යාස වැනි ඉදිරි ආපදා තත්වයන් ජයගැනීම සඳහා විධිමත් පෙර සූදානමකින් සිටිය යුතු බව අවධාරණය කළා.
මීට වසර එකහමාරකට පෙර ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට පෝලිම්වල කාලය ගත කළ යුගය යළි සිහිපත් කරගත යුතුව තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනයන්ත මහතා පවසන්නේ.
from TODAY NEWS LK https://ift.tt/p3fbGPO
via IFTTT


