Loading..

කාලගුණය අද තවත් දරුණු වෙයි! දිස්ත්‍රික්ක 6කට අවවාදාත්මක නිවේදනයක්!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර වැඩබිම්වල සෙවණ ඇති ස්ථානවල හැකි පමණ රැදී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර මෝටර් රථ තුළ තනිවම කුඩා ළමුන් රඳවා නොතබන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් හැකි සෑම අවස්ථාවකම භාවිත කරන ලෙසයි.



from TODAY NEWS LK https://ift.tt/Emgt9So
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.