Loading..

වනිඳු හසරංගගෙන් සැර ප්‍රකාශයක්! “එයා ඉනටර්නැෂනල් ලෙවල් එකට හරියන් නෑ. වෙන රස්සාවක් හොයාගත්තා නම් හොඳයි”

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි 20යි 20 තරගය ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් විය.

කෙසේ වෙතත් දෙරට අතර පැවති 20යි 20 තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් ලබාගත්තේ ය.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් සහ හසරතුල්ලා සසායි ලකුණු 45ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 206ක් ලබාගත්තේ ය.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 60ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගයේ අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් තරග විනිසුරුවරයා විසින් ලබාදුන් තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළ කළේ ය.

අන්තර්ජාතික තරගයක දී මෙවැනි විනිසුරු තීරණයන් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු සඳහන් කළේ ය.

තව මඳක් පන්දුව ඉහළ ගියේ නම්, පන්දුව පිතිකරුගේ හිසේ වදින බවත් එවැනි දෙයක් නොපෙනේ නම් එම විනිසුරුවරයා අන්තර්ජාතික විනිසුරු මට්ටමට නොගැළපෙන බවත් නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේ ය.

එබැවින් එම විනිසුරුවරයා වෙනත් රැකියාවක් තෝරාගැනීම සුදුසු බව ද ඔහු අවධාරණය කළේ ය.

මෙවැනි නිපන්දු පිළිබඳ ඇති වන ගැටලු සඳහා ද විනිසුරු තීරණ පිළිබඳ තෙවැනි විනිසුරුට යොමු කිරීම හෙවත් රිවීව් අවස්ථාව ඇති කළ යුතු බව වනිඳු හසරංග පැවසීය.

අවශ්‍ය නම් පිටියේ විනිසුරුට එය තෙවැනි විනිසුරු සඳහා යොමු කිරීමට හැකියාව පැවති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.



from TODAY NEWS LK https://ift.tt/A6WcI1V
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.