Loading..

පවුල් දෙකක් ගමෙන් පන්නා දමන ලෙස ගම්මුන් විරෝධතාවයක

දිඹුල පතන පොලිස් වසමට අයත් මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක පදිංචි අවු 12 වයසැති බාල වයස්කාර පාසල් සිසුවියක් අපයෝජනය කලේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් වතුයායෙන් ඉවත් කරන ලෙස වතු පාලන අධිකාරියට බල කරමින් (12) දින එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක නියැලි සිටිහ.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අවු 65 ක සහ අවු 40 වයසැති එම වතුයායේ පදිංචි සැකකරුවන් දෙදෙනො සහ ඔහුගේ පවුලේ සමාජිකයන් එම වතුයායෙන් ඉවත් කරන ලෙසටයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

අවු 65 හැවිරිදි සැකකරු අවස්තා කිහිපයකදි බාල වයස්කාර සිසුවිය අපයෝජනය කර ඇති බවත්, ඒ සදහා අවු 40 හැවිරිදි සැකකරු අනුබල දි ඇති බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

තේ වතු ආශ්‍රිතව පිහිටි වතු නිවාස වල ජිවත් වන පාසල් වයසේ පසුවන දැරියන් නිරන්තරයෙන් මෙවැනි අපයෝජනවලට භාජනය වන බවත්, මින් ඉදිරියට එවැනි සිදුවිම් වතු ආශ්‍රිත ප්‍රදේශවල සිදු නොවිමට නම් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවයි විරෝධතාවයේ නියැලි සිටි මේෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ. (source – lankacnews)



from TODAY NEWS LK https://ift.tt/YZVev5D
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.