Loading..

අලුත් පෙමකට අත වනන සතියක් – සතියේ ලග්න පලාපල

මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබට පසුගිය දිනවල පැවැති අයහපත් තත්ත්වයන් මගහැරී යනු ඇත. රැකියා කටයුතු සම්බන්ධයෙන් තබා තිබෙන බලා‍පොරොත්තු ඉෂ්ට කරගැනීමට හැකිවේ. තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අන්‍යයන්ගේ උදව් උපකාර හිමිවෙයි. පවුලේ අයටත් යහපත් දවසක් වේ. තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව උදාවන කාල පරිච්ඡේදයෙකි. ගේ දොර ඉඩකඩම් ආදී දේපළ සම්බන්ධයෙන් යහපත් කාලයකි. ඒවායේ වර්ධනයක් දැකිය හැකිය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ඉතා යහපත්ය. ගුප්ත විද්‍යා කටයුතුවලට සිත ඇදී යන ස්වභාවයක් පවතී. ශරීර සනීපය පිළිබඳ අවධානය යොමු කර බැඳීමේදී පාද ආශ්‍රිත අබාධ සහ ශරීරයේ උෂ්ණ ගතිය පිළිබඳ සැලකිලිමත් වන්න.

සුබ දිනය – බ්‍රහස්පතින්දා, සුබ වර්ණය – රතු/කහ, ජය අංකය – 03

වෘෂභ

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට හදිසි ධන ලාභ හෝ නොසිතූ ලැබීම්වලට ඉඩකඩ පවතියි. මංගල යෝග ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයක් බැවින් තරුණ තරුණයින් අතර නව ප්‍රේම සබඳතා ඇතිවීම මංගල යෝජනා ස්ථිර වීම ආදිය දැකිය හැකිය. කාලයකට පසුව පවු‍ලේ පිරිසට එක්ව සිටීමට අවස්ථාවක් සැලසෙයි. සමහර විට උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබෙයි. විදෙස් ගමන් පිළිබඳ බලාපොරොත්තු තබා ඇති අයට ඊට අදාළ සුබ පණිවිඩ ලැබීමට නියමිතයි. මෙම කාලය තුළ හදිසි දීර්ඝ ගමනක් යෙදීමේ අවකාශයේ පවතින නිසා කල් වේලා ඇතිව ඊට සූදානම්ව සිටීම යහපත් වේ. වෙළෙඳ ව්‍යාපාර හෝ ස්වයං රැකියාවල නිරත වී සිටින අයට අනාගතයේ ප්‍රයෝජනවත් අය මුණගැසේ. පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීමටද අවස්ථාව යෙදේ. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට විශේෂයෙන් යහපත් කාලයකි.

සුබ දිනය ඉරිදා, සුබ වර්ණය – රතු, ජය අංකය – 01

මිථුන

මිථුන ලග්නයෙන් උපන් ඔබට ලොතරැයි ආදී හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව උදාව පවතින බැවින් එවැනි දේට උත්සාහ දැරීම ප්‍රතිඵලදායක වේ. ශරීර සනීපය යහපත් වන අතර සතුටු කරදර තිබුණේ නම් ඒවා මගහැරී යනු ඇත. රැකියාවත් ආශ්‍රිත කටයුතු කිරීමේදී වැරදීම් හා අතපසුවීම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මතක තබාගන්න. පවුලේ වැඩිහිටිය අයෙකුගේ උදව් උපකාර කිරීම පිණිස ඉදිරිපත්වීමට සිදුවිය හැකි ස්වභාවයක් පවතී. සහෝදර සහෝදරියන්ට අයහපත් කාලයක් බව පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල මධ්‍යස්ථ තත්ත්වයක් පවතී. වෘත්තීය අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටිනවා නම් සතිය අග විශේෂ වේ.

සුබ දිනය – බ්‍රහස්පතින්දා, සුබ වර්ණය – සුදු /කහ, ජය අංකය – 02

කටක

කටක ලග්නය උපන් ඔබට තම දෛනික වැඩ කටයුතු සාර්ථක කරගැනීම සඳහා අවස්ථාව සැලසේ. ඒ සඳහා අන්‍යයන්ගේ උදව් උපකාර දීම වනු ඇත. වෙළඳ ව්‍යාපාර කටයුතුවලට නිරත වී සිටින අයට යහපත් ආධාරකරුවන් මුණ ගැසෙන කාලයකි. සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවනු ඇත. විවාහ සහකරු හෝ සහකාරියට ද යහපත් කාල පරිච්ඡේදයකි. ප්‍රමාද වෙමින් පැවැති දීර්ඝ ගමනක් යෑමට මෙම සතිය තුළ අවස්ථාව සැලසේ. දූ දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටින අයට සතිය අගදී වඩා යහපත් වේ. රහස් ප්‍රදේශ ආශ්‍රිත දෝෂ ඉස්මතු විය හැකිය.

සුබ දිනය – බ්‍රහස්පතින්දා, සුබ වර්ණය – රතු/කහ, ජය අංකය – 03

සිංහ

සිංහ ලග්නයෙන් උපන් ඔබට සුබ අසුභ මිශ්‍ර සතියකි. ආර්ථික සහ රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පෙන්වයි. දෛනික කටයුතු උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන යෑමට හැකියාව ලැබේ. දේපළ සම්බන්ධයෙන් ගැටලු පැටලිලි පවතී නම් ඒවා නිරවුල් කර ගැනීමට හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයකි. භූමිලාභ සහිතයි. වගා කටයුතු වල නිරත වී සිටින අයට යහපත් ප්‍රතිඵල ලැබෙයි. සතිය මැදදී වෙනදාට සාපේක්ෂව කේන්තිය යෑමේ ස්වභාවය වැඩි වන නිසා ඉවසිලිවන්තව කටයුතු කිරීම තුළින් අසුභ ප්‍රතිඵල අවම කරගැනීමට හැකිවේ. අමතර ආදායම් මාර්ගයක් පිළිබඳව අවධානය යොමුවෙයි. සතිය අගදී තමාට වඩාත් හිතවත් දුරස්ව සිටි කෙනෙක් නැවත සමීප විය හැකියි.

සුබ දිනය – සෙනසුරාදා, සුබ වර්ණය – සුදු/නිල්, ජය අංකය – 01

කන්‍යා

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ඇසීමට ලැබේ. ඒ අයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්‍යයන්ගේ උදව් උපකාරී හිමිවන බව පෙන්නුම් කරයි. විනෝද කටයුතු කෙරේ සිත ඇදී යයි. මවට අපල කාලයක් ගතවන බැවින් ඇයගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වඩා වැදගත්වේ. උනන්දුව, උත්සාහය වැඩි කාලයක් බැවින් තම වැඩ කටයුතු කෙසේ හෝ ඉටුකර ගැනීමට දක්ෂ වෙයි. සතිය අගදී විවාහක අය අතර නොසිතූ ලෙස ගැටළු පැටලිලී නිර්මාණය විය හැකි බැවින් ඉවසීමෙන් දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කිරීමට උත්සාහ ගත යුතුය.

සුබ දිනය – සිකුරාදා, සුබ වර්ණය – රතු/රෝස, ජය අංකය – 06

තුලා

තුලා ලග්නයෙන් උපන් ඔබට ශුභ ප්‍රතිඵල බහුල කාල පරිච්ඡේදයකි. දේපළ පිළිබඳ ගැටලු පවතී නම් ඒවා නිරවුල් වී යෑමටත්, දේපළ වර්ධනය වීමටත් අවකාශය පවතින බව පෙන්වයි. භූමිලාභ ලැබීමේ ඉඩකඩ බහුල කාලයකි. නිවසේ අලුත් වැඩියා කටයුතු පිළිබඳ අවධානය යොමුවේ. ආදරය සහ විවාහ සම්බන්ධයෙන් පැවැති බාධා ඉවත් වී යයි. පවුලේ පිරිස වැඩි විය හැකි කාලයකි. සතිය මැදදී ශරීර ය පිළිබඳ සැලකිලිමත් වන්න විශේෂයෙන් උදරයේ අබාධයකට ඉඩකඩ ඇත. පපුව ආශ්‍රිත යේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න. සති අගදී ආර්ථික සහ රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් වඩා යහපත්ව තත්ත්වයක් පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලට නිරත වී සිටින අයට සුබයි.

සුබ දිනය – සෙනසුරාදා, ‍සුබ වර්ණය – නිල්/රතු, ජය අංකය – 01

වෘශ්චික

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ගෙවී ගිය කාල පරිච්ඡේදයට වඩා බොහෝ යහපත් වේ. පමා වෙමින් පැවැති ගමන් බිමන් වැඩ කටයුතු ආදිය ඉක්මන් කරගැනීමට හැකි වේ. සහජ දක්ෂතා වලින් ප්‍රයෝජන ලැබේ. බාල සහෝදර සහෝදරියන්ට යහපත් කාලයකි. ඒ අය පිළිබඳ යහපත් කාලයකි. ජයග්‍රහන සම්බන්ධ විශේෂ බලාපොරොත්තු ඉටු කර ගත හැකිය. කලා කටයුතුවල නිරත වී සිටින අයට නව නිර්මාණ බිහිකර කිරීමට හැකියා අවස්ථා උදාවේ. සති අග දී විවාහක අය අතර ගැටළු නිර්මාණ වීමේ අවදානමක් පවතින නිසා ඒ පිළිබඳ සැලකිලිමත්ව තම දෛනික වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න.

සුබ දිනය – සඳුදා, සුබ වර්ණය – රතු/සුදු, ජය අංකය – 02

ධනු

ධනු ලග්නයෙන් උපන් ඔබට යහපත් සතියකි. තමාට අවශ්‍ය කරන දේවල් අලුතෙන් මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර දේපළ වර්ධනය කර ගැනීමටද හැකිවේ. අධ්‍යාපන කටයුතුවලට විශේෂ කාලයකි. රැකියාවට සම්බන්ධ ඉගෙනීම්වලට යොමුවනවා නම් ඊට යහපත් වේ. කාර්මික තාක්ෂණික අංශවල නිරත වී සිටින අයගේ පැවැති ගැටළු නිරවුල් වී යයි, දරුපල බලාපොරොත්තු සිටින අයට ඊට අදාළ සුබ පණිවිඩ ලැබීමට නියමිතයි. පැරණි ණය මුදලක් හෝ නොසිතූ මුදලක් අතට ලැබෙයි. පුණ්‍ය කටයුතු සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. විවාහ සහකරු හෝ සහකාරිය සමග ගැටළු පැවතියේ නම් ඒවා මඟ හැරී යනු ඇත.

සුබ දිනය – බ්‍රහස්පතින්දා, සුබ වර්ණය – රතු/කහ, ජය අංකය – 03

මකර

මකර ලග්නයෙන් උපන් ඔබට සුභ ප්‍රතිඵල දෙන සතියකි. පසුගිය කාලයේ පැවති කරදර බාධක ඉවත්වී යන අතර නව අදහස් ඇතිවේ. තම වැඩකටයුතු සාර්ථක කරගැනීම සඳහා අන්‍යයන්ගේ කැපී පෙනෙන සහ ගෞරවය ලැබීමට නියමිතයි. රැකියාව ආශ්‍රිත උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටී නම් මීට යහපත් ප්‍රතිචාර ලැබේ. සති මැදදී වන්දනා ගමනක් හෝ ආගමික කටයුත්තකට සහභාගි වීමට අවකාශ සැලසෙනු ඇත. සැලකිය යුතු මුදලක් අතට ලැබීමට නියමිතයි. නමුත් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. සතිය අගදී ගේ දොර යාන වාහන ආදී දේපළ ලාභ හිමිවෙයි.

සුබ දිනය – සිකුරාදා , සුබ වර්ණය – රතු/සුදු, ජය අංකය – 06

කුම්භ

කුම්භ ලග්නයෙන් උපන් ඔබට පසුගිය දිනවලට වඩා කාර්යබහුල වීමට සිදුවෙයි. විවිධ කටයුතු සංවිධානය කිරීම පිණිස ද තම දායකත්ව යොදවයි. රැකියාව හා සම්බන්ධ හදිසි දීර්ඝ ගමනක් විදිය හැකි බැවින් කල් වෙලා ඇතිව ඊට සූදානමින් සිටීම යහපත් වේ. පැරණිය ලියකියවිලි අවශ්‍යතා මතුවන බැවින් ඒවා සූදානම් කර තබා ගැනීමට වැදගත් වෙයි. අධ්‍යාපන කටයුතු මධ්‍යස්ථ තත්ත්වයක පවතී. විවාහ වී සිටින අය තම සහකරු හෝ සහකාරිය සමඟ කතාබස් කිරීමේදී ඉවසීමෙන් විශ්වාසයෙන් සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කිරීමට මතක තබා ගන්න. සති අගදී තමා පාවිච්චි කරන කාර්මික හෝ තාක්ෂණික දෙයක් කැඩී බිඳී යෑමේ අවදානමක් පවතී.

සුබ දිනය – බ්‍රහස්පතින්දා, සුබ වර්ණය – නිල්/ කහ, ජය අංකය – 03

මීන

මීන ලග්නයෙන් උපන් ඔබට ආර්ථිකය පිළිබඳව පැවැති අහිතකර තත්ත්වයන් මඟ හැරී යෑමට නියමිතයි. පැරණි ණය මුදල් ගෙවා දැමීමට හැකිවේ. රැකියාව හා සම්බන්ධය ඉගෙනීම්වලදීම යෙදී සිටින අයට යහපත් සතියකි. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවුඩ ලැබීමට නියමිත කාල වකවානුවකි. තම වාසනාව බහුලව ඉස්මතුව පවතින බැවින් වාසනාව උරගා බැලීමට යහපත් වේ. වැඩිමල් සහෝදර සහෝදරයෙන් සිටිත් නම් ඒ අයටද සුබ කාලයකි. සමාජ සේවා කටයුතු නිසා අන්‍යයන් අතරේ කැපී පෙනේ. වැඩ කටයුතු කිරීමේදී අනවශ්‍ය කලබලය මගහැර ගැනීමට උත්සාහ ගන්න

සුබ දිනය – බ්‍රහස්පතින්දා, සුබ වර්ණය – රතු/කහ, ජය අංකය – 03



from TODAY NEWS LK https://ift.tt/2oOEcHQ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.