Loading..

නොමිලේ ජපානයට යාමට ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අවස්ථාවක්! ලියාපදිංචි වන ආකාරය මෙන්න!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්මික අභ්‍යාසලාභීන් ලෙස ශ්‍රී ලාංකික පිරිමින්ට රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ ජාත්‍යන්තර සබඳතා සංවිධානය (IRO) අතර අත්සන් තැබූ ගිවිසුමකට අනුවයි මෙම රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මේ සඳහා උනන්දුවක් දක්වන අය තම අයදුම්පත් 2024 මාර්තු 09 හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

අයදුම්පත් febiro@slbfe.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය හැකි අතර 0112 882235 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් කළ හැකිය.



from TODAY NEWS LK https://ift.tt/I0n9pUF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.