Loading..

ජනප්‍රිය ඉන්දීය නිළියක් දරුණු අනතුරකට ලක්වෙයි

දකුණු ඉන්දීය සිනමා නිළි අරුන්දතී නායර් අනතුරකට ලක්ව තිබෙනවා.

අදාළ නිළිය සිය සොහොයුරා සමඟ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් අරුන්දතී සහ ඇයගේ සහෝදරයා තුවාල ලබා ඇති අතර Thiruvananthapuramහි පිහිටි Ananthapuri රෝහල වෙත ඇතුළත් කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් අරුන්දතීගේ තත්ත්වය බරපතළ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඇයගේ හිසට බරපතළ හානි සිදුව ඇති බවයි.

අනතුර පිළිබඳ අරුන්දතී නායර්ගේ සොහොයුරා විසින් Instagram ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/8WDEkLr
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.