Loading..

පාසල් වෑන් රථයකට යටවීමෙන් කුඩා ළදරුවෙකුට දිවි අහිමි වෙයි

පෙරියනිලාවනි පොලිස් වසමේ විෂ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී ඊයේ(29) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පාසල් වෑන් රථයකට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම දරුවා කල්මුණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 04ක් වූ පෙරියනිලාවනි ප්‍රදේශයේ පදිංචි පදිංචි ළදරුවෙක්.

මියගිය දරුවාගේ වැඩිමහල් සහෝදරිය පාසල් යාම සඳහා පැමිණි පාසල් වෑන් රථයට සහෝදරිය නංවා ගැනීමෙන් පසු රියදුරු විසින් රථය ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ මෙම ළදරුවා වෑන් රථයට යට වී ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරියනිලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



from TODAY NEWS LK https://ift.tt/zWBPVNe
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.