Loading..

රාජ්‍ය ඇමති චාමර සම්පත් ගමන් කළ වාහනය ගිනි ගැනීමකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරන අතරතුරදී බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදී මෙම රථය ගිනිගැනීමකට ලක්ව ඇත්තේ.

අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/xUITHQl
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.