ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගායනා කරන ලද සූර්ය මංගල්‍යය නම් ගීතය විකෘති කරන ලදැයි සැකපිට සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රන්වල බළකාය සමග එක්ව රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සූර්ය මංගල්‍යය’ ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
from TODAY NEWS LK https://ift.tt/ERjDIgL
via IFTTT


