Loading..

වෘත්තීය සමිති වෙත රතු එළි! ඇමති කාංචනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.

නව කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඊයේ (19) පැවසුවේ එම පනතින් ගැටලු ඇතිවන්නේ විදුලිබල වෘත්තිය සමිති නායකයින්ට බවය.

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණි.

එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකින් විවිධ චෝදනා එල්ලවුණි.

එල්ල වන මෙම චෝදනාවලට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද ප්‍රතිචාර දැක්විය.

“ජනනය, බෙදාහැරීම සහ සම්ප්‍රේෂණය කියන කොටස් තුන වෙන් කිරීම. ලෝකයේ 90%කට වැඩි රටවල්වල විදුලිබල කර්මාන්තයේ කටයුතු සිදුවන්නේ මේ ආකාරයට. ඒ නිසා අපි යෝජනා කරලා තියෙන්නෙත් අපේ තියෙන්න ජලවිදුලි බලාගාර 100%ක්ම රජය සතුව පවත්වාගෙන යන්න. ගල්අඟුරු බලාගාර, ඩීසල් සහ පුනර්ජනනීය බලාගාර මේවට අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන අවශ්‍ය වෙනවා මෙය සාර්ථක කරගන්න. වෘත්තීය සමිති කිහිපයක බලය මත තමා විදුලිබල මණ්ඩලයේ කටයුතු පවතින්නේ. ඒ වෘත්තීය සමිතිවලට බැදුනොත් විතරයි පඩි වැඩි වෙන්නේ, බැදුනොත් විතරයි ස්ථාන මාරුවක් හම්බවෙන්නේ. ඔවුන්ට ණය ලැබෙන්නේ. මේ කාරණා පනත ඇතුළෙන් ඉවත් වෙනවා. වෘත්තීය සමිති නායකයින්ට විතරයි පනත සම්මත වුණාම ගැටලුවක් වෙන්නේ. පාරිභෝගික ආරක්ෂාව ගැන වෙනම වගන්තියක් තියෙනවා මේ පනත ඇතුළේ. විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ.”



from TODAY NEWS LK https://ift.tt/rVQ1uml
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.