Loading..

වෘෂණ කෝෂයක් අහිමි වන තුරු තරුණයෙකුට පහරදුන් පොලිස් නිළධාරීන්ට වැඩ වරදී

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ  සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි.

ඔහු සිදුකළ ප්‍රකාශය අනුව අනුරාධපුර රෝහල් පොලීසිය මගින් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර තිබුණා.

අනතුරුව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකර සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාව සහ කොස්තාපල්වරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ඊයේ (11) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසන්නේ අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කළ බවයි.



from TODAY NEWS LK https://ift.tt/LKtmaJM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.