Loading..

සූර්යයා අද ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින්! පළාත් තුනකට තද වැසි!

අද (12) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. 

අද (12) දහවල් 12:11 ට වන්චියන්කුලම්, ඕමන්ත, එරමඩු සහ තිරියායි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.



from TODAY NEWS LK https://ift.tt/wAWb6fr
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.