Loading..

No title

වෙසක් පෝදා දායක දායිකාවන්ට දාන, ශීල, භාවනා වැඩ සටහන් කරදීමට නොහැකි වන සේ විහාරය භාර හිමියන් විසින් වසා දැමූ සිය බල ප්‍රදේශයේ විහාරස්ථානයක් ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ජී.එල්, කීර්ති සිංහ මහතා මැදිහත්වී ඊයේ (23) උදේ විවෘත කරදීමට කටයුතු කර ඇත.

ඌරගස් මංහන්දිය, මොරගොඩ, රන්තොටුවිල ආනන්දාරාමය විහාරස්ථානය මෙසේ වසා තිබූ බව ඌරගස් මංහන්දිය පොලීසිය කියයි.

එම විහාරස්ථානයේ දායක දායිකාවන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එය පරීක්ෂාවකට ගිය බවත්, දායකයන් කී පරිදි එම විහාරස්ථානයේ විහාරගෙය ඇතුළු ස්ථාන වසාදම තිබූ බවත් විදුලිය හා ජලයද විසන්ධිකර දමා තිබූ බවත් පොලීසිය කියයි.

වෙසක් පොහොය නිසා යාබද නිවසකින් විදුලිය හා ජලය ගෙන පිංකම් කරගෙන යාමට තමන් උපදෙස් දුන් බව පොලීසිය කියයි.

ඒ අනුව එම විහාරස්ථානයේ දායකකාරකාදීන් යාබද නිවසකින් විදුලිය හා ජලය ලබාගෙන වෙනත් විහාරස්ථානයකින් හිමිනමක් වඩම්මා ගෙන වෙසක් පොහොය වෙනුවෙන් දාන, සීල, භාවනා වැඩසටහන් පවත්වා ඇත.

මේ විහාරස්ථානයේ හිමියන් ගමත් සමග තිබෙන තරහකට මෙසේ සිය විහාරස්ථානය එසේ වසා දමා ඇත්තේ තමන්ට වෙසක් පොහොය සැමර්ම වැළැක්වීමේ අදහසින් බව ගම්මු කියති.

තමා මේ ගැටලුව විසඳීමට මේ විහාරස්ථානය භාර හිමි නම් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තත් එය ව්‍යාර්ථ වී ගිය බව ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ජී.වල්. කීර්තිසිංහ මහතා කීය.

The post appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SZ4Ek7W
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.