Loading..

පොලිස් කොස්තාපල් ස්මාර්ට් වෙයි! ඔන්ලයින් ක්‍රමයට මුදල් වංචා කරලා!

වෙනත් පුද්ගලයකුට අයත් ගිණුමකින්  රුපියල් 134,000ක මුදලක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගිණුමට බැර කර ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් තලාතුඔය පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකාදීප වාර්තා කළේ මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොළඹ මිහිඳු මාවතේ පිහිටි නාගරික රටවාහන කොට්ඨාශයයේ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි.

ඉලූක්මෝදර ගුරුදෙණිය  ප්‍රදේශයේ පදිංචි අයකු තම බැංකු  ගිණුමෙන් මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ රුපියල් 584,555 ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇති බවට  පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම සැකකාර කොස්තාපල්වරයාට අයත් ගිණුමට එම මුදලින් කොටසක්  වූ රුපියල් 134,000 මුදලක් බැරවී ඇති බවට හෙළිවීමෙන් පසු එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව සඳහන්. (source – lankadeepa)

The post පොලිස් කොස්තාපල් ස්මාර්ට් වෙයි! ඔන්ලයින් ක්‍රමයට මුදල් වංචා කරලා! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8WhcnY0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.