මහජන බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ මහජන බැංකුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහජන බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ඇතැම් වෙබ් අඩවිවල පළ වූ සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහජන බැංකුව විසින් එම නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම මනංකල්පිත චෝදනාවට සම්බන්ධ යැයි හැගෙන පරිදි ජනතාව නොමග යවන පරිදි නිර්මාණය කරන ලද අදාළ ප්‍රශ්නගත ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අභව්‍ය කරුණු මත පදනම් වූවක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මහජන බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ද්වේශසහගත කරුණු පිළිගැනීමෙන් වළකින ලෙසයි.



The post පැතිර යන පුවතක් සම්බන්ධයෙන් මහජන බැංකුවෙන් විශේෂ පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/aMsnNz6
via IFTTT

