ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ජල නලයක වැදී අද අලුයම් කාලයේදී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ ඇතුළු කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.
ඒ අනුව එම ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සංඛ්‍යාවක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇත.
මෙම අනතුර සිදු වූ ස්ථානයේ ඇති වූ විශාල ජල කඳ හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුලත් කර තිබේ.


The post මෝටර් රථයක් ගැටීමෙන් දැවැන්ත ජල සම්ප්‍රේෂණ නළයක් නළයක් පුපුරා යයි! ලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට ජල සැපයුම අත්හිටුවයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Ugmfi8l
via IFTTT

