Loading..

ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔහුව කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති ඔහු සහභාගි වූ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති අතර සුළු තුවාල පමණක් ලැබූ ඔහු මේ වන විට ප්‍රාදේශීය රෝහලක ප්‍රථිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

The post ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/y7eWqOt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.