Loading..

එන්නතක් විෂ වී පාසල් සිසුන් 11ක් රෝහල්ගත කරයි

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙකි.

මෙම සිසුන් සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලය රොහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස විමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ආරම්භ කොට ඇත.

The post එන්නතක් විෂ වී පාසල් සිසුන් 11ක් රෝහල්ගත කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sS2i4jL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.