Loading..

තියුණු තරගයකින් අනතුරුව ජැෆ්නා කින්ග්ස් අවසන් තරගයට! කුසල් මෙන්ඩිස්ගෙන් වේගවත් ශතකයක්!

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ඊයේ (20) සමත් විය.

ඒ දෙවන අවසන් පුර්ව වටයේ තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් රැස්කළේය.

මෙහිදී ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් අවැසිම මොහොතේ ක්‍රියාත්මක වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගය අවසන් වනවිටත් කඩුල්ලේ රැඳී සිටි මෙන්ඩිස් පන්දු 54කට මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කිරීමට සමත් වුණා.

කුසල්ගේ වටිනා ඉනිමට හයේ පහර 05ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා (2/22), මොහොමඩ් හස්සේන් (2/48) හා රමේෂ් මෙන්ඩිස් (2/10) කඩුලු 02 බැගින් දවාලමින් දක්ෂතා දැක්වූවා.

ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 38ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස්  ලකුණු 32ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ෆේබියන් ඇලන් කඩුලු 04ක් දවාගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 03ක් දවාගත්තේය.

තරගයේ වීරයා ලෙසින් අගනා ශතක ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත්තා.

The post තියුණු තරගයකින් අනතුරුව ජැෆ්නා කින්ග්ස් අවසන් තරගයට! කුසල් මෙන්ඩිස්ගෙන් වේගවත් ශතකයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tXRhTU6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.