එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය.
අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළේය.
පසුගිය ජූනි මස අවසානයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විවාදයකින් අනතුරුව ජෝ බයිඩන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.
මේ අතර එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බව ඔහු නිවේදනය කරයි.

The post ජෝ බයිඩන් ජනපති සටනෙන් ඉවත් වෙයි! යෂ්ටිය කමලා හැරිස්ට බාර දෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/UG2g7mW
via IFTTT


