Loading..

තැන්පතු හා ණය පොලී අනුපාතික තවදුරටත් පහත දැමීමට මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍යණය පහසුකම් අනුපාතිකය (SLFR) තවදුරටත් පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලී අනුපාතික පදනම් ලකුණු 25 කින් අඩු කිරීමට ඊයේ(23) රැස් වූ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.25% දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25% දක්වාද පහළ යනු ඇති.

මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණ ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹ තිබෙනවා.

The post තැන්පතු හා ණය පොලී අනුපාතික තවදුරටත් පහත දැමීමට මහ බැංකුවෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qAkhasm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.