වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මැතිවරණය ඉලක්ක කරගෙන එකවර සියලුම වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කර නැවතත් රට අර්බුදයකට ඇද දැමීමට රජය කටයුතු නොකරන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවත් අගෝස්තු මාසයේදී ඒ සම්බන්ධයෙන් රජයේ නිල ස්ථාවරය දැනුම්දීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරනවා.
ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුටත් සඳහන් කළේ මුල් අදියරේදී ව්‍යාපාර හා පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන බවයි.
පෞද්ගලික පරිහරණය සඳහා වන වාහන ආනයනය සඳහා 2025 පළමු කාර්තුවේ සිට අවසර හිමිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

The post වාහන ආනයනයට අවසර ලැබෙන්නේ මෙහෙමයි! මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/QHjyRUF
via IFTTT


