සහල් තොග වෙලදුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා තමන්ට සිල්ලර මිලට සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බව සහල් වෙළඳුන් පවසනවා.
නාඩු සහල් කිලෝවක පාලන මිල රු 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230 ක් වශයෙන් අලෙවි කල යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර ඇත.
එසේ පාලන මිල නියම කර තිබියදි සහල් තොග වෙලෙදුන් විසින් නාඩු සහල් කිලෝවක් රු 235 සහ සම්බා සහල් කිලෝවක් රු 245 වැනි තොග මිලකට තමන්ට නිකුත් කිරිම හමුවේ සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි බවයි සහල් වෙලෙදුන් කියා සිටින්නේ.
සහල් තොග වෙලෙදුන් විසින් සහල් පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් බිල්පතේ සදහන් කර වැඩිකල මුදල වෙනම ලබා ගන්නා බවයි වෙළෙන්දන් පවසන්නේ.
The post සහල් මිල ඉහළට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Qh6aO2A
via IFTTT


