Loading..

ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

The post ශිෂ්‍යත්ව විභාගය අද appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eK0IygM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.