සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩයම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඒ අනුව අංක 03 පිතිකරු ස්ථානයේ වලකීම දිනේෂ් චන්දිමාල් වෙත පැවරීමටයි තීරණය වී ඇත්තේ.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවා.
එංගලන්ත සංචාරයේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හෙට තරගයට ක්‍රීඩා කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.
The post දිනේෂ් චන්දිමාල්ට උසස්වීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/eEQzgSV
via IFTTT


