Loading..

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව නිසා ගුරුවරුන් තිදෙනකුගේ සේවය තහනම් කරයි

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්. සමරකෝන් මහතා ඊයේ (19) පැවසීය.

පසුගිය 15 වැනි දින අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේදී විභාගය පැවැත්විමට පෙර පළමු විභාග ප්‍රශ්න පත්‍රය එම විභාග මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර උපකාරක පංති පවත්වන ගුරුවරු පිරිසකට යවා ඇති බවට සිදුකළ මූලික විමර්ශණයේදී තහවුරැවූ බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ඇතුළු තිදෙනාගෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

ඒ අනුව, එම ශිෂ්‍යත්ව විභාග ශාලාවේ සේවය කළ ශාලාධිපතිවරයාත්, සහකාර ශාලාධිපතිවරයාත්, එම විභාග ශාලාවේ සේවය කළ ගුරුවරයෙකුගේත් සේවය අත්හිටුවා ඔවුන්ට විරැද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමටද නියමිතය.

The post ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව නිසා ගුරුවරුන් තිදෙනකුගේ සේවය තහනම් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FAgUS8E
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.